සිකුරාදා හා ඉරිදා උපකාරක පන්ති නැවැත්වීම සම්බන්ධයෙන් අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

සිකුරාදා හා ඉරිදා උපකාරක පන්ති නැවැත්වීම සම්බන්ධයෙන් අවධානය

සිකුරාදා හා ඉරිදා උපකාරක පන්ති නැවැත්වීම සම්බන්ධයෙන් අවධානය

යාපනය දිස්ත්‍රික්කයේ සිකුරාදා සහ ඉරිදා දිනවල පැවැත්වෙන උපකාරක පන්ති අත්හිටුවීමේ වැදගත්කම යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් අවධාරණය කර ඇත. ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ යෝජනාවට අනුව මෙම තීරණය ගෙන ඇත. 

 

 

අදාළ වැඩසටහනේ මුලික අදියර යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පවතින සියලුම උපකාර පන්ති යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ලියාපදිංචි කිරීම සිදුකිරීමට නියමිතය.

 

 

උපකාර පන්ති ලියාපදිංචි කිරීමෙන් අනතුරුව උපකාර පන්ති ගුරුවරුන් හා උපකාර පන්ති කළමනාකරුවන් සමඟ සාකච්ජාවක් පවත්වා අදාළ තීරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

 

මෙම තීරණයේ මූලික අරමුණ යාපනය දිස්ත්‍රික්කයේ දරුවන්ගේ මානසික සුවතාවයට ප්‍රමුඛත්වය දීමයි. උපකාරක පන්ති ගුරුවරුන් සහ කළමනාකරුවන් සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇත.

views

398 Views

Comments

arrow-up