ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ හිඟයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ පුරප්පාඩු සංඛ්‍යාව 1200 දක්වා ඉහළ ගොස් තිබෙන බව පසුගියදා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.
එම විශ්වවිද්‍යාලයේ සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය 1951 ක් වුවත්, දැනට එහි සේවයේ නිරතව සිටින්නේ 750 දෙනෙක් පමණක් බවත්, මෙම විශ්වවිද්‍යාලයට අනුමත කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අනුමැතිය ලබා දිය යුත්තේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන කමිටුව විසින් බවත් එම කාරක සභාව හෙළි කොට සිටී.
එසේම, මෙම පුරප්පාඩු පිරවීමට එම කමිටුවෙන් ඉල්ලීම් කර තිබෙන බවට, මෙම අවස්ථාවට එක්ව සිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ යන මහත්වරුන් විසින් සඳහන් කර තිබේ.
359 Views
Comments