ඉන්දියා - ශ්‍රී ලංකා මිත්‍රත්වයෙන් උසස් අධ්‍යාපනයට නව මාර්ග හෙළි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

ඉන්දියා - ශ්‍රී ලංකා මිත්‍රත්වයෙන් උසස් අධ්‍යාපනයට නව මාර්ග හෙළි කෙරේ

ඉන්දියා - ශ්‍රී ලංකා මිත්‍රත්වයෙන් උසස් අධ්‍යාපනයට නව මාර්ග හෙළි කෙරේ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලයේ සභාපති ආචාර්ය විනායි සහස්‍රබුද්ධ මහතා, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක සිංහල හා හින්දි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට සහ බෞද්ධ අධ්‍යයන කටයුතු සඳහා ලබාදෙන ICCR ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කොට තිබෙන බව වාර්තා වේ.

 

වසර ගණනාවක් පුරා දෙරට අතර සංස්කෘතික හා සංගීත ක්ෂේත්‍රවල සබඳතා සඳහා අනුග්‍රහය දක්වමින් ශ්‍රී ලාංකික සිසුන්ට, සංගීතඥයින්ට සහ කලාකරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමට ICCR කැප වී සිටින අතර, තරුණ වෘත්තිකයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමට ද ICCR හි තරුණ නායකත්ව පුහුණුව සඳහා වන වැඩසටහන් ඉමහත් ප්‍රයෝජනවත් වේ.

 

ICCR හි දී කුසලතා හා දැනුම වර්ධනයේ ප්‍රතිලාභ ලැබූවන් අතර අඛණ්ඩ සහසම්බන්ධතා ගොඩනැගිම සඳහා ICCR හි ශ්‍රී ලාංකික ආදි ශිෂ්‍යයින්ගේ පළමු රැස්වීම සංවිධානය කරන ලද බව ආචාර්ය සහස්‍රබුද්ධ මහතා සඳහන් කළ අතර, දෙරටේ ශිල්පීන් විසින් වැඩිදියුණු කරන ලද නව්‍ය ශිල්පීය කුසලතාවන්ගේ අත්දැකීම් ලබාගත හැකි වන පරිදි, හස්ත කර්මාන්ත ශිල්පීන් දෙරට අතර හුවමාරු කරගැනීමේ වැඩසටහන් සඳහා කටයුතු සම්පාදනය කරන ලෙස අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා ICCR සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
 

views

342 Views

Comments

arrow-up