බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන්ට විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන්ට විශේෂ නිවේදනයක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන්ට විශේෂ නිවේදනයක්

හෝමාගම , පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සිසුන් එළඹෙන 17 වැනිදා විභාග කටයුතු පවත්වාගෙන යාම සඳහා කැඳවීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

 

මේ වන විට පළමු වසර හා අවසන් වසර සිසුන් සඳහා විභාග අවසන් වී ඇති අතර පළමු වසර සිසුන් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්ව ගොස් තිබේ. සිව්වන වසර සිසුන්ට එළඹෙන 10 වන දිනට ප්‍රථම විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇත.

 

මේ අනුව තුන්වන වසරේ සිසුන්ගේ විභාග වෙනුවෙන් අවශ්‍ය අධ්‍යන සහාය සඳහා 17 වැනිදා සිට විශ්වවිද්‍යාලයේ ඇති පුස්තකාලය සහ ආචාර්යවරුන්ගෙන් සහයෝගය ලබා ගැනීමට හැකි බව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් සඳහන් කර සිටී.

views

435 Views

Comments

arrow-up