ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති අතර ජූනි මස 15 සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරේ.
ජූලි මස 06 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බවත් කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා එහි සඳහන් කර ඇත.
අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකි අතර විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳ ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන්වේ.
වැඩිදුර විස්තර සදහා,
දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208
ක්ෂණික ඇමතුම් - 1911
ෆැක්ස් අංකය - 0112 784 422
417 Views
Comments