උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ සිසුන්ට පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ සිසුන්ට පණිවිඩයක්

උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ සිසුන්ට පණිවිඩයක්

2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙම පරීක්ෂණ දිවයින පුරා මධ්‍යස්ථාන 42 කදී ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර ඒ පිලිබද අදහස් දැක්වූ නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා,

 

"2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද දිනයේ ආරම්භ වෙනවා. ඒ වගේම මේ සඳහා අපේක්ෂකයින් 20,084ක් සහභාගි වීමට නියමිතව පවතිනවා. එම අපේක්ෂකයින්ට කරනු ලබන දැනුම්දීම් කිහිපයක් තියෙනවා. ඔබට ලබාදී ඇති ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් මධ්‍යස්ථානය වෙත නියමිත වේලාවට වඩා විනාඩි 30 කලින් යන්න. දෙවැනි එක තමා මේ පරීක්ෂණ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් 1911 දුරකථන අංකය ඔස්සේ අපිව සම්බන්ධ කර ගත හැකියි. ඒ වගේම සියලුම අපේක්ෂකයින් සඳහා මේ වනවිට ප්‍රවේශපත්‍ර යවලා අවසන්. පාසල් අයදුම්කරුවන්ට එම ප්‍රවේශපත්‍රය ඔවුන්ගේ පාසලෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලික ලිපිනයට තැපැල් කරලා තියෙනවා. යම් කරුණක් මත ඔබට ප්‍රවේශපත්‍රය නොලැබුණේ නම් අපගේ onlineexam.gov.lk වෙබ් අඩවියෙන් ප්‍රවේශපත්‍රය භාගත කරගත හැකිය."

views

397 Views

Comments

arrow-up