උසස් පෙළ ප්‍රතිඵල ලබන මාසයේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

උසස් පෙළ ප්‍රතිඵල ලබන මාසයේ

උසස් පෙළ ප්‍රතිඵල ලබන මාසයේ

ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ ඊයේ (10) පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

 

මෙම වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයත් දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලයට පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ බවද ප්‍රේමජයන්ත මහතා පැවසීය.

 

විවිධ හේතුන් මත නවතා දැමුණ "සුරක්ෂා" සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බවද ප්‍රේමජයන්ත මහතා පැවසීය.

views

534 Views

Comments

arrow-up