ආණමඩුව රෝහල් කාර්ය මණ්ඩලයත් අවදානමේ - පිරිසක් ස්වයං නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
07

ආණමඩුව රෝහල් කාර්ය මණ්ඩලයත් අවදානමේ - පිරිසක් ස්වයං නිරෝධායනයට

ආණමඩුව රෝහල් කාර්ය මණ්ඩලයත් අවදානමේ - පිරිසක් ස්වයං නිරෝධායනයට

ආණමඩුව රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සිදුව තිබෙනවා.

 

කිවුල අංක 4 ගම්මානයේ පදිංචිව සිටි 30 හැවිරිදි එක්දරු මවක් රෝගී තත්වයක් මත හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇයට වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වුණා.

 

ඒ අනුව ඇය මුල්ලේරියාව රෝහලට මාරුකර යවා තිබෙනවා. ඇය පළමුවෙන්ම ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ තිබුණේ ආණමඩුව රෝහලටයි.

 

ඒ අනුවයි ඇය සමඟ ඍජුව සම්බන්ධතා පැවැත්වු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන්නේ.

 

කාන්තාව පදිංචිව සිටි කිවුල ගම්මානයේ නිවාස 9 ක පදිංචිකරුවන් සහ ඇය ඊට පෙර පදිංචිව සිටි පුත්තලම බව්ම ප‍්‍රදේශයේ තවත් නිවාස 6 ක පදිංචි පිරිසක් ද නිවෙස් තුළම දින 14 ක නිරෝධායනයට යොමුකර තිබෙනවා.

views

670 Views

Comments

arrow-up