අපි ගස් කපන ජාතියක් නෙවෙයි - රිෂාඩ්

ගස් කැපීම තම ආගමට අනුව පවක් බවත් තම ජනතාව ගස් නොකපන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසනවා. එසේම විල්පත්තුව සම්බන්ධයෙන් ජනපති කොමිෂමක් පත්කරන ලෙස ඉල්ලමින් තමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකළ බවත් ඔහු කියාසිටියා.
මට්ටක්කුලියේ ඊයේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මෛත්‍රීපාල – රනිල් ආණ්ඩුව නෙමෙයි රාජපක්ෂලාගේ ආණ්ඩුවේ තමයි අපි ආයි පදිංචියට ගියේ (විල්පත්තුවේ). ඒ ඔක්කොම සුද්ධ කරලා පදිංචි කළාට පසුව මොකක්ද මට කිව්වේ විල්පත්තුව විනාශ කළා කියලා.
මම මේ ජනාධිපතිවරයාට ලියුමක් යැව්වා. පුළුවන්නම් ජනපති කොමිෂමක් දාලා මම හෝ මගේ සමාජය විල්පත්තුව විනාශ කරලා තිබෙනවානම් මේ රට තුළ උපරිම දඩය, නැත්නම් දඬුවම දෙන්න කියලා ලියුමක් යැව්වා.
අපි එක ගසක් කැපුවනම් පව් කියලා අපේ ආගමෙන් කියලා තිබෙනවා. අපි ඒ වගේ ගස් කපන ජාතියක් නෙමෙයි.
දැන් මගේ ආමාත්‍යාංශය භාර ගත්ත අමාත්‍යවරයා කියනවා මම වරදක් කලාලු මාව හිරේ දානවලු. පුළුවන්නම් දාන්න කියලා මම එයාට කියන්න කැමතියි.
මම අවුරුදු 15ක් 16ක් ඇමතිධුර දරලා තිබෙනවා. කිසිම වරදක් මගේ කාලය තුළ මම කියලා නෑ. අවුරුදු 9 ක් රාජපක්ෂ ආණ්ඩුවේ තමයි අමාත්‍යධුරය දරුවේ. එතුමන්ගෙන් අහන්න රට වෙනුවෙන් අපි කොච්චර කැප වුණාද කියලා.”
743 Views
Comments