OCT
31
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිවේ

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 17ක් ශ්‍රීලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස සන්ධානගතවීම අද (31) සිදුවුණා.
ඒ සඳහා ගිව්සුම් අත්සන් කිරීම අද පෙරවරුවේ පක්ෂ ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් ශ්‍රීලංකා පදනම් ආයතනයෙදී සිදුවුණා.ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්වුණා.
ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහ මැතිවරණයෙදී මෙයට අත්සන් කළ පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග වදිනු ඇති.
737 Views
Comments