කුඩු නැව් අල්ලපු නිසාද මාධ්‍ය නාවික හමුදාවට මෙහෙම සළකන්නේ ? (VIDEO)

මේ වන විට නාවික හමුදාවේ නාමයට දැවැන්ත කැළලක් ඇති කිරීමට උත්සහයක් ගනිමින් පවතින බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ එම මහතා ;
“නාවික හමුදාව බලෙන් කොරෝනා ඇඟට දා ගත්තෙ නෑ. කොරෝනා රෝගීන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ නිරෝධායනය ලබා දෙමින් සමාජයෙන් කොරෝනා රෝගය ඈත් කිරීමේ වැඩ පිළිවෙලක තමා ඔවුන් නිරත උනේ. නාවික නිලධාරීන්ට අවශ්‍ය නිසි උපකරණ නොලැබීම හරහා තමයි අද වන විට වැලිසර කඳවුර නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට වෙලා තියෙන්නේ එතකොට වරද නාවික හමුදාවෙද?
මේ රටේ සෞඛ්‍ය ප්‍රධානීන් ඉන්නෙ වැඩිපුරම ටීවී චැනල් වල. ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය කරන්න වෙලාවක් තියෙනවද කියන ප්‍රශ්නෙ අපිට තියෙනවා. කොරෝනා වසංගතය මැද මේ එක එක නිලාධාරීන් මාධ්‍යට ඇවිත් එක එක කථා කියනවා.
ජනාධිපතිතුමණි, මේ සියල්ල එක මේසෙකට ගේන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදලා ඒ සකච්ඡා රූපවාහිනියේ විකාශය කරන්න. මේ පුද්ගලයින් එකිනෙකා කුළල් කා ගන්නවා. එක්කෙනෙක් ජේවීපී, එක්කෙනෙක් යූඇන්පී එක්කෙනෙක් ආණ්ඩුවේ. ජනතාව බිල්ලට දීලා දේශපාලනය කරනවා.
නාවික හමුදා නිලධාරීන්ට අද සලකන්නේ එල්ටීටීඊ සාමාජිකයන් ගාණට. ගෙවල් වලට ගිහින් වද දෙනවා. ඒවා මාධ්‍ය වලිනුත් පෙන්නනවා.
නාවික හමුදාවට දැවැන්ත අපහාස කිරීමක් සිද්ධවෙමින් පවතින බව අපිට තේරෙනවා. මුහුදෙදි කුඩු තොග අල්ලන්න දැවැන්ත කාර්යයක් ඉටු කරේ නාවික හමුදාව. නාවික හමුදාව අපකීර්තියට පත් කරන්න ප්‍රධාන මාධ්‍යය දෙකක් කටයුතු කරනවා.
එදා මුලින්ම එයාපෝට් වැහුවා නම් අද මේ තත්වය උදා වෙන්නෙ නෑ. ඒ නිසා තමන්ගේ නොහැකියාව වහගන්න මාධ්‍යය ඉස්සරහ ඒ මිනිස්සු අපහාසයට ලක් කරන්න එපා” ඔහු ප්‍රකාශ කර සිටියි.
කුඩු නැව් අල්ලපු නිසාද මාධ්‍ය නාවික හමුදාවට මෙහෙම සළකන්නේ?
Posted by Newshub.lk on Sunday, April 26, 2020
633 Views
Comments