තවත් කොටියෙකු අවසන් ගමන් යයි (PHOTOS)

පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටියෙකු මන්දකට හසු වි අද (20) දින මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක ප්‍රකාශ කර සිටියා. නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටියා මිය ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ
මාපකන්ද ප්‍රදේශයේ වගා භුමියක සතුන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වි ඇති කදුකර කොටියා මන්ද කඩාගෙන විත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක නැග ඇති අතර එහිදි කෝපි ගසේ මන්ද සවි කර තිබු මුගුර ගසේ සිරවිම නිසා ඉන් බේරිමට කොටියා උත්සහ කර ඇති අවස්තාවේ කොටියා ගස මතම මිය ගොස් ඇත.
කොටියාගේ උදරය මන්දට හසු වි කොටියා දැඩි ලෙස තුවාල ලබා ඇති අතර කෝපි ගස මත කොටියෙකු මියගොස් සිටින බවට ප්‍රදේශවාසීන් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.
අවුරුදු 7 ක් පමණ වයසැති කොටි දේනුවක් මෙසේ මිය ගොස් ඇති බවත් , සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක වැඩිදුරටත් සඳහන් කළේ.
689 Views
Comments