ශ්‍රී ලංකාව මේ වනවිට කොරෝනා සමාජ ව්‍යාප්තියක එළිපත්තේ

ශ්‍රී ලංකාව තවමත් කොරෝනා වෛරස් සමාජ ව්‍යාප්ති මට්ටමකට පැමිණ නැතත් එවැන්නක එළිපත්තේ සිටින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
"ඔබ අහන්නේ මේක සමාජයට පැතිරිලාද නැද්ද කියන එක ගැන. මේක ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ තාක්ෂණික සහ විද්‍යාත්මක අධ්‍යනවලින් වෙන්න ඕනෙ ප්‍රකාශයක්. නමුත් එහෙම වෙන්න එළිපත්තේ ඉන්නවා කිව්වොත් වැරැද්දක් නෑ. මොකද අපි දන්නවා අර 'හොට් ස්පොට්' එහෙම නැත්නම් රෝගීන් පැතිරීම පටන් ගත්ත තැන් ලංකාවේ බොහෝ ස්ථානවල අපට හම්බෙලා තියෙනවා. ස්ථාන දැන් 13කට වැඩිය හම්බවෙලා තියෙනවා, තවත් ස්ථාන එක දෙක ඉඳලා හිටලා හම්බවෙනවා.
හැබැයි අපට සතුටට කාරණය තියෙන්නෙ රෝගීන් හම්බුවෙන ස්ථානවල කොහොමද රෝගීන් හමුවුණේ කියන ලිංක් එක එහෙම නැත්නම් සම්බන්ධතාවය අපට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා සමාජගත වෙන්න පටන් අරන්ද නැද්ද කියන එක තාමත් නිවැරදිවම විද්‍යාත්මකව කියන්න බැරිවුණත් ඒ එළිපත්තෙ ඉන්නවයි කියන එක ඇත්තටම පැහැදිලි කාරණයක්. මේක ඉදිරියේදී අපේ රට විවෘත කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්, අපි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මහජනතාවත් එක්ක රෝගය පාලනය කරන ගමන් රට විවෘත කිරීමට ගියාම අපි තවත් හොට් ස්පොට් ඇතිවෙන එක වළක්වා ගන්න කටයුතු කරන්න ඕනේ. ඒනිසා අවදානමකින් යුක්තව හැමවෙලාවෙම කටයුතු කරනවා නම් සමාජගත වෙලා කියන ප්‍රකාශය එන්නෙ නැති මට්ටමට අපට එන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අද (06) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.
716 Views
Comments