නිරෝධායනයේ සිටි පොලිස් සැරයන් කඩේ බඩු විකුණලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

නිරෝධායනයේ සිටි පොලිස් සැරයන් කඩේ බඩු විකුණලා

නිරෝධායනයේ සිටි පොලිස් සැරයන් කඩේ බඩු විකුණලා

නිවසේ නිරෝධායනයට ලක්කර  සිටි මාතලේ මහවෙල පොලිසියේ සැරයන්වරයකු සිය වෙළඳසැල විවෘත කරගෙන වෙළඳාම් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී අනුරුද්ධ  බණ්ඩාරනායක මහතා පැවසීය.


 
පෑලියගොඩ මාළු වෙළඳසැලට ගිය කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ පියෙකු මෙම පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණ සබඳකම් පවත්වා තිබියදීත් එම පියාට කොවිඩ් 19 වයිරසය ශරීරගත වී ඇති බවට ලැබුණු තොරතුරක් මත, මහවෙල පොලිසියේ සැරයන්වරයා නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස තමන් නියෝග කළ බව බණ්ඩාරනායක මහතා පැවසීය.


 
පසුව එම ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් තමන්ට තොරතුරක් ලැබී තිබුණේ මෙම පොලිස් සැරයන්වරයා නිවසේ ඇති තම පෞද්ගලික වෙළඳසැල විවෘත කරගෙන භාණ්ඩ අලෙවි කරන බවය.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු කණ්ඩායමක් එම පොලිස් සැරයන්වරයාගේ නිවසට පරීක්ෂාවට යැවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.


 
පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට යන විට පොලිස් සැරයන්වරයා වෙළඳසැලේ භාණ්ඩ අලෙවි කරමින් සිට ඇති බව අනාවරණයවී තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා තවත් දින 14 ක් පොලිස් සැරයන්වරයා නිරෝධායනයට ලක් කරමින් වෙළඳසැල ද වසා දැමීමට නියෝග කොට තිබේ.


 
මෙම පොලිස් සැරයන්වරයා සිදුකර ඇති බරපතල නිරෝධායන නීති  විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරවන ලෙස සහකාර පොලිස් අධිකාරිවරයකුට පැවරූ බව පොලිස් අධිකාරි සඳහන් කළේය.


 
ඊට අමතරව රාජකාරි මට්ටමින්ද මෙම පොලිස් සැරයන්වරයා පිළිබඳව විනය පරීක්ෂණ  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය

views

647 Views

Comments

arrow-up