අත් අඩංගුවටගන්නා සැකකරුවන්ගේ නම් හා ඡායාරූප මාධ්‍යයට නිකුත් කරනවා - සරත් වීරසේකර

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, පහරදීම් වැනි අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කර බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
"අපි ළමා අපචාර, කාන්තාවන් දූෂණය කිරීම, මංකොල්ලකෑම, ඉතාම නින්දිත ලෙස පාරේ මැද්දෙ තියලා පහරදීම් වගේ ප්‍රචණ්ඩක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව, ඔවුන්ට නඩුදාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගේ ඡායාරූප පෙන්වලා මේ අයගේ විස්තර මාධ්‍යයට නිකුත් කරලා ජනතාව දැනුවත් කරනවා.
ඒ තුළින් මම හිතනවා මින් ඉදිරියට හෝ එවන් දෙයක් කරනවා නම් තමන්ගේ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුළින් ඔහු කිසියම් බියක් සැකක් නැත්නම් ලැජ්ජාවක් ඔවුන් තුළ ඇතිකිරීම තමයි අපේ සම්පූර්ණ පරමාර්ථය. 118 දුරකථන අංකයෙන් පුළුවන් ඕනෙම කෙනෙකුට අමතන්න. එය තුළින් අපි ශක්තිමත් කණ්ඩායම් සහ වාහන පහසුකම් සමග, අපරාධයක් වෙනවා නම් එසැණින් එතැනට ගිහිල්ලා ඒ අපරාධකරුවන් අල්ලන්න පුළුවන් ක්‍රියාදාමයකුත් දැන් සකස් වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
710 Views
Comments