තවත් 686 කට සුවයි - සුවය ලැබූවන් 30,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

තවත් 686 කට සුවයි - සුවය ලැබූවන් 30,000 ඉක්මවයි

තවත් 686 කට සුවයි - සුවය ලැබූවන් 30,000 ඉක්මවයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 686 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 30,568 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 7,887 ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 38,639 ක්.

 

දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත ආසාදිතයින් 34,960 ක් ලෙස වනවා.

 

දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක්.

 

 

 

 

views

366 Views

Comments

arrow-up