“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
04

“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි

“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි

අලුත උපන් නිවුන් බිළිඳුන් දෙදෙනෙකුට කොරෝනා සහ කොවිඞ් යනුවෙන් නම් තැබීමේ පුවතක් ඉන්දියාව් රායිපුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 

ගැහැණු දරුවාට කොරෝනා ලෙසත් පිරිමි දරුවාට කොවිඞ් ලෙසත් නම් තබා ඇති බවයි එරට වාර්තා වල දැක්වෙන්නේ.

 

මෙම නිවුන් දරුවන් දෙදෙනා උපත ලබා ඇත්තේ පසුගිය 26 වනදා රාත්‍රියේයි.

 

නව කොරෝනා වසංගතය හමුවේ සමස්ත ඉන්දියාවම අක්‍රීය කර ඇති වාතාවරණයක දරු උපත සඳහා සූදානම්වීමේදී ගැටලු රැසකට මුහුණපෑමට තමන්ට සිදුවූ බව දරුවන්ගේ මව සඳහන් කර තිබෙනවා.

 

ඇඳිරි නීතිය පණවා තිබීම හමුවේ රෝහලට යාමට වාහනයක් සොයාගැනීම දුෂ්කර වූ බවද එම ගමනේදී අවස්ථා රැසකදී පොලිසිය විසින් වාහනය අතරමග නතර කල බවද ඇය සිහිපත් කර තිබෙනවා.

 

එම දුෂ්කරතා සිහිවීම පිණිස සිය නිවුන් දරුවන් දෙදෙනාට කොරෝනා සහ කොවිඞ් ලෙස නම් තැබූ බවයි දරුවන්ගේ මව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

 

කෙසේවෙතත් අනාගතයේ දිනක එම නම් සංශෝධනය කිරීමට වුවද තම අකමැත්තක් නැතැයි 27 හැවිරිදි ඇය පවසා තිබෙනවා.

views

715 Views

Comments

arrow-up