මහවිරුවන් අතර කොටිත් ඉන්නවා තමයි - ඔවුන් සමරන්න අවසර ගතයුතු නෑ

මලවුන් සිහි කිරීමට ලෝකයේ ඕනෑම ජාතියකට කිසිවෙකුගෙන් අවසර ගැනීමට උවමනාවක් නැති බවද උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා පවසනවා.
මෙවර උතුරේ දෙමළ ජනතාවට සාමකාමීව මහවිරු දිනය සැමරීමට කටයුතු කළ බවත් මහවිරුවන් සැමරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත් විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
උතුරේ ස්ථාන 70වකට වැඩි ස්ථාන වල සැමරුම් පැවැති බව වාර්තා වනවා.
යුද්දයෙන් මියගිය පිරිස අතර හිටපු කොටි සාමාජිකයන් සිටින බව සත්‍ය වුවද ඔවුන්ද මනුෂ්‍යයන් බව අමතක නොකළ යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් විග්නේශ්වරන් මහතා සඳහන් කර තිබෙනවා.
818 Views
Comments