දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක්

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ කාන්තාව මේවන විට ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇති බවය.
උණ රොගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලේ ප්‍රතිකර ලබමින් සිටි එම කාන්තාව සුව වී නිවසට යන අවස්ථාවේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී කොවිඩ්-19 ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ.
එම කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ඇගළුම් ආයතනයක සේවය කර ඇති අතර ඇය සමග සමීප සබදතා පැවැත් වූ පුද්ගලයින් 40 දෙනෙකු පමණ නිරෝධායනයට යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය .
ඊට අමතරව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකුද, නිරෝධායනයට යොමුකර ඇති අතර තවදුරටත් ආශ්‍රිතයින් හඳුනාගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසති.
එම කාන්තාවට කොවිඩ්-19 ආසාදනය වූ ආකාරය පිළිබඳව පරීක්ෂණ සිදු කරන අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.
වඩාත් සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
.
777 Views
Comments