බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති ගෝඨාභය සුවය පතයි

කොරෝනා වෛරසයෙන් රෝගාතුරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෝන්සන්ට ඉක්මන් සුවය පතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.
රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමඟ වෛද්‍ය උපදේශකයන්ගේ නිර්දේශ මත ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
වෛරසය ආසාදනය විමෙන් දින 10 ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බොරිස් ජොන්සන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කෙරුණේ ඊයේ දිනයේයි.
55 හැවිරිදි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඔක්සිජන් ලබා දී ඇති නමුත් කෘත්‍රිම ශ්වසනය ලබා දීමේ දී වෙන්ටිලේටර් යන්ත්‍රයට සම්බන්ධ කර නොමැති බවයි වාර්තා වන්නේ.
මේ අතර බ්‍රිතාන්‍ය රජයේ පරිපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඩොමිනික් රබ්ස් වෙත පවරා තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ දැඩි අවධානය යොමුවුණා.
එමෙන්ම ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි එරට සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරන්නේ.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ඉක්මන් සුවය පතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් පණිවිඩ යොමු කොට තිබෙනවා.
572 Views
Comments