11 වනදා සිට නියමිත දුම්රිය, මැදිරිය, අසුන, මඟහැරුණොත් ඉවරයි - අනිවාර්යයෙන් දැනුවත් වන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

11 වනදා සිට නියමිත දුම්රිය, මැදිරිය, අසුන, මඟහැරුණොත් ඉවරයි - අනිවාර්යයෙන් දැනුවත් වන්න

11 වනදා සිට නියමිත දුම්රිය, මැදිරිය, අසුන, මඟහැරුණොත් ඉවරයි - අනිවාර්යයෙන් දැනුවත් වන්න

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන් වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙල ලබන සඳුදා (11) සිට කි‍්‍රයාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

 

ඒ යටතේ දුම්රියවල ගමන් කිරිමට අවසර හිමිවන්නේ ආයතන ප‍්‍රධානින් සේවයට කැඳවන දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ලාභී සේවකයන් පමණි. එම සේවකයන්ට පහසුකම් සපයා ගැනිම සදහා අදාල ආයතනය සේවක ලැයිස්තුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු වනවා.

 

සේවකයන්ගේ දුරකථන අංකය , දුම්රිය වාර ප‍්‍රවේශ පත‍්‍රයේ අංකය , දුම්රියට පිවිසෙන ස්ථානය , පැමිණෙන සහ ආපසු පිටත්වන වේලාව වැනි තොරතුරු ලබාදෙන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දි තිබෙන්නේ.

 

මගීන්ට අදාල දුම්රිය , එය පැමිණෙන වේලාව හා ඔවුන්ට හිමි ආසන අංකය කෙටි පණිවිඩයක් මගින් ජංගම දුරකථනයට යොමුකරන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

මේ අතර රාජකාරිවලට පැමිණෙන පුද්ගලයන් සඳහා බස් සේවා ද ලබන සදුදා (11) සිට ආරම්භ කිරිමටයි නියමිත. බස්රථවල එක් ආසනයක එක් මගියෙකු බැගින් වන පරිදි සිග්සැග් හැඩයට මගීන් අසුන් ගැන්විය යුතු බවයි සෞඛ්‍ය අංශවල නිර්දේශය.

 

කෙසේ වෙතත් අවදානම් ප‍්‍රදේශ හැර අනෙක් ප‍්‍රදේශයන්හි ධාවනය වන බස් රථවල පමණක් ආසන සංඛ්‍යාවට සමාන මගින් සංඛ්‍යාවක් ප‍්‍රවාහනයට අවසර දිය හැකිදැයි කරුණු විමසීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමුවුණා.

 

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර ඒ පිළිබද විමසා බලන ලෙසයි අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දි තිබෙන්නේ.

views

937 Views

Comments

arrow-up