පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ගැන ජනපතිගේ අවධානය
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
15

පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ගැන ජනපතිගේ අවධානය

පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ගැන ජනපතිගේ අවධානය

දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

 

දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළහ.

 

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන්නේය.

 

ඒ අනුව පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීමට තීරණයක් ගනු ලැබීය.

 

දෛනිකව වේතන ලාභීන්ගේ ජීවනෝපාය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ද ප්‍රධාන අරමුණකි.

 

ඒ ඒ පළාත්වල කොරෝනා වෛරසය ආසාධිතයන්, ඔවුන් ළඟින් ඇසුරු කර ඇති පිරිස් සහ දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය එහිදී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරිණ.

 

දෛනිකව සිදු කෙරෙන රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක් විය.

 

නිරෝධායන මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ කළ යුතු වෙනස්කම් ද ජනාධිපතිවරයාගේ විමසුමට ලක් විය.

 

ලොව සෙසු රටවල් හා සැසඳීමේ දී කොරෝනා වෛරසය මර්දනයට රජය ගත් ක්‍රියාමාර්ග ඉතා ඵලදායී බව පළාත් සෞඛ්‍ය බලධාරිහූ සඳහන් කළහ.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග සහ පවතින තත්ත්වය සමාලෝචනයට ද මෙය අවස්ථාවක් කරගත බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

 

views

792 Views

Comments

arrow-up