BREAKING : පාකිස්ථානයේ දුම්රියක් ගිනි ගනී - 46ක් මරුට

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රහීම් යාර් ඛාන් දිස්ත්‍රික්කයේ අද(31) මගී ප්‍රවාහන දුම්රියක හටගත් ගින්නකින් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් තිබෙනවා.
බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ 60කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවයි. බ්‍රිතාන්‍යය මිරර් වෙබ් අඩවිය 65දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරනවා.
ගින්නෙන් දුම්රිය මැදිරි 3ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පැවසේ.
දුම්රිය මගියකු උදෑසන ආහාරය සැකසීම සඳහා යොදාගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් ගිනිගැනීම සිදුව ඇතැයි අනාවරණය වී තිබෙනවා.
දුම්රිය මැදිරිවලින් නගින ගිනි ජාලා සහ දුම්රියේ සිටිමින් විලාප නගන මිනිසුන් සහිත දර්ශන එරට රූපවාහිනීවල විකාශය වුණා. මිය ගිය පිරිසගෙන් බොහොදෙනෙකු ගිනි ගන්නා දුම්රියෙන් පිටතට පැනීම හේතුවෙන් මියගොස් ඇති බවද පැවසේ.
දුම්රිය මාර්ගවල පවතින දුබලතා, සංවර්ධන කටයුතු සිදුනොවීම් හේතුවෙන් පාකිස්ථානයේ දුම්රිය අනතුරු බහුලව සිදුවන බවද පැවසේ.
පසුගිය ජූලි මාසයේදී ලාහෝරයේ සිට පැමිණි මගී ප්‍රවාහන දුම්රියක් එම දිස්ත්‍රික්කයේදීම භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබිණා.
681 Views
Comments