ඇමෙරිකානු තානාපති නිලධාරියා PCR පරීක්ෂණයකින් තොරවම රටට ඇතුල් වෙලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

ඇමෙරිකානු තානාපති නිලධාරියා PCR පරීක්ෂණයකින් තොරවම රටට ඇතුල් වෙලා

 ඇමෙරිකානු තානාපති නිලධාරියා PCR පරීක්ෂණයකින් තොරවම රටට ඇතුල් වෙලා

කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාවට ලක් නොවී මෙරටට ඇතුළු වී තිබෙනවා. ඒ ඔහුට හිමි තානාපති වරප්‍රසාද අනුවයි.
මෙම නිලධාරියා අද දින අලුයම 1.30 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා.

 


මෙම නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ.

 


එලෙස පැමිණි එම නිලධාරියාව PCR පරීක්ෂණ සඳහා යොමු කිරිමට ගුවන් තොටුපොළ බලධාරින් කටයුතු කලත් ඔහු තමන් රාජතාන්ත්‍රික නිලධාරියෙක් බවට ලියවිලි ඉදිරිපත් කොට ඇති බවයි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපතිවරයා පැවසුවේ.

 


රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන මෙම නිලධාරින් තානාපති කාර්යාල විසින් ස්වයං නිරෝධායනයකට යොමු කරන බවත් ඒ හේතුවෙන් රජයේ ඉහළ බලධාරින්ට දැනුම් දීමෙන් අනතුරුව ඔහුට ගුවන් තොටුපොළෙන් පිටව යාමට අවසරය හිමිවූ බවයි උප සභාපතිවරයා කියා සිටියේ.

 


එලෙස ස්වයං නිරෝධායනයට ලක් කරනු ලබන නිලධාරීන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි උප සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

 

 

 

views

684 Views

Comments

arrow-up