සහරාන්ට ඉන්දියාවට පැනයන්න රිෂාඩ්ගේ සොහොයුරා උදව් කරලා !

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවෙකු වූ සහරාන් හෂීම් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අවස්ථාවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රිෆ්කාන් බදියුදීන් සහරාන්ව බෝට්ටුවකින් ඉන්දියාවට යවා ඇති බව හෙළිවුණා.ඒ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේදීයි.
සහරාන් හෂීම්ගේ අන්තවාදී සංවිධානය සමඟ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ද සමීපව කටයුතු කළ බව හිටපු බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයෙකු කොමිසම හමුවේ සාක්‍ෂි දුන් අවස්ථාවේදී හෙළිවුණා. බුද්ධි තොරතුරක් හඳුනාගැනීම සම්බන්ධයෙන් ඔහු දීර්ඝ විස්තරයක් සිදුකළා. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (22) පස්වරුවේ සිට මධ්‍යම රාත‍්‍රිය ඉක්මවා යන තුරුත් මෙම හිටපු බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයා සාක්‍ෂි ලබාදුන්නා.
තමන් වෙත ඕනෑම ආකාරයකින් ලැබෙන තොරතුරක් බුද්ධි තොරතුරක් බවට හඳුනා ගැනීමට නිර්නායක හයක් භාවිත කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ඇතුළත් කරමින් ආරක්‍ෂක අංශවල ඉහළ නිලධාරීන් අතර හුවමාරුවී තිබූ එමෙන්ම මේ වනවිටත් ජනාධිපති කොමිසමේ වැඩිදුර විමර්ශනයට ලක්කෙරෙමින් පවතින ලිපි කට්ටල දෙකක් හිටපු බුද්ධි අධ්‍යක්‍ෂවරයාට පෙන්වා ඒවා බුද්ධි තොරතුරු ලෙස හඳුනා ගැනීමට හැකිදැයි කොමිසම ප‍්‍රශ්න කළා.
ඔහු සඳහන් කළ නිර්නායක හයට අනුව බුද්ධි තොරතුරක් ලෙස හඳුනාගත හැකි ආකාරය දීර්ඝ අයුරින් විස්තර කළා. එමෙන්ම මෙවැනි ආකාරයේ තොරතුරක් ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් තමා සේවා කාලය තුළ දී මෙවැනි පැහැදිලි, සම්පූර්ණ තොරතුරු සහිත ලිපි ලැබී ඇත්තේ එකක් හෝ දෙකක් පමණක් බව ද ඔහු කියාසිටියා.
එමෙන්ම සහරාන් හෂීම් පිළිබඳව තම බුද්ධි අංශය මගින් අවස්ථා නවයක දී සහරාන්ගේ අන්තවාදී ප‍්‍රකාශ හා ක‍්‍රියා සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන යන අය දැනුවත් කළ බවද ඔහු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.
871 Views
Comments