ගර්භණි මව්වරුන්ට සෞඛ්‍ය අංශ මගින් විශේෂ නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

ගර්භණි මව්වරුන්ට සෞඛ්‍ය අංශ මගින් විශේෂ නිවේදනයක්

ගර්භණි මව්වරුන්ට සෞඛ්‍ය අංශ මගින් විශේෂ නිවේදනයක්

ගර්භණී සහ පසු ප්‍රසව රෝගී තත්ත්වයන් පැවතිමේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණි නිසා අවසානාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිවේදනය කර සිටිනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය සඳහන් කරන්නේ එවැනි මව්වරුන්ට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, කුසේ සිටින බිලිඳා ගේ ක්‍රියාකාරිත්වය අඩුවීම, ක්ලාන්තය හෝ සිහිසුන්වීම, වලිප්පුව ආදී ඕනෑම අවදානම් රෝග ලක්ෂණයන් පවතීනම් වහාම ලඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස උපදෙස් ලබාදී ඇත.

 

එවැනි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු කරුණක් නිසා එය ප්‍රමාද නොකළ යුතු බවත් රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සියලු රජයේ රෝහල්වලට උපදෙස් ලබාදී ඇත.

 

එමෙන්ම ගර්භණි සටහන්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස සලකනු ලැබේ.

 

views

824 Views

Comments

arrow-up