ජනපති උපදෙසින් ගුවන් තොටුපොළට නොමිලේ බස් සේවාවක්

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02ක් , දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා තිබේ.
මීට පෙර අවස්ථාවවල බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන් , තම ගමන් මලු රැගෙන , මෙම දුර පා ගමනින් , අව් වැසි මැද දුෂ්කර ගමනක යෙදුණු අතර , මෙසේ අපහසුතාවට පත් වි සිටි ගුවන් මගීන් ත්‍රිරෝද රථ සහ කුලි රථ රියැදුරන් විසින් විශාල මුදල් අයකර ගුවන් තොටුපළ වෙත රැගෙන යෑම ද සිදු කළා.
මේ තත්ත්වය ජනාධිපතිතුමා වෙත වාර්තා වීමෙන් පසුව , එතුමාගේ නිර්දේශ මත මෙම නව බස් රථ සේවාව ආරම්භ වී කර තිබෙනවා.
614 Views
Comments