ප්‍රදේශ කීපයක තැපැල් කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පළාතේ සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක සිදුකෙරෙන ලිපි බෙදාහැරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන්කළේ, මීට අමතරව, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා එහි උප තැපැල් කාර්යාල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය හා තදාසන්න තැපැල් කාර්යාල හා මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් තැපැල් හා උප තැපැල් කාර්යාල මගින් සිදුවන ලිපි බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවන බවය.
කෙසේ වෙතත් රෝහල් මගින් සායනික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග සහ රාජ්‍ය ඔසුසල මගින් ඇණවුම්කොට බෙදාහැරීමට ඇති ඖෂධ බෙදාහැරීමේ කටයුතු අඛන්ඩව එම ප්‍රදේශවල ද සිදුකරන බවද තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
678 Views
Comments