කොරෝනා සුවවූ පළමු ලාංකිකයා රුධිරය පරිත්‍යාග කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
26

කොරෝනා සුවවූ පළමු ලාංකිකයා රුධිරය පරිත්‍යාග කරයි

කොරෝනා සුවවූ පළමු ලාංකිකයා රුධිරය පරිත්‍යාග කරයි

කොරෝනා ‌‌‌ෙරෝගය වැලදී සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු නිවසට ගිය, සංචාරක මගපෙන්වන්නකු වන ජයන්ත රණසිංහ මහතා අද (26) රුධිරය පරිත්‍යාග කර තිබෙනවා.

 

කහතුඩුව ‌සෞඛ්‍ය ‌වෛද්‍ය නිලධාරී ‌වෛද්‍ය ධනුක පද්මරාජ මහතා සඳහන් කර ඇත්තේ රණසිංහ මහතා අද රුධිරය පරිත්‍යාග කිරීම සඳහා කළුබෝවිල ශික්ෂණ ‌රෝහලට කැඳවාගෙන ගිය බවයි.

 

කොරෝනා ‌වෛරසය වැළඳී සිටි කාලයේදී රණසිංහ මහතා ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයකින් පසු වීම නිසා ඔහුගේ රුධිර සෛල කොරොනා රෝගය වැළදී, දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනාට ලබාදීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම සඳහායි ඒ මහතා ‌මෙලෙස ‌රෝහලට පැමිණ ඇත්තේ.

 

රුධිරය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් රණසිංහ මහතාගෙන් විමසා තිබූ අතර ඒ මහතා පිළිබඳව සිය කැමැත්ත පළ කර තිබුණ .

 

ඒ අනුව ගිලන් රථයක් රෝගියාගේ නිවසට යවා ඔහුව රෝහලට රැගෙන ගිය බවයි වෛද්‍ය ධනුක පද්මරාජ මහතා සඳහන් කළේ.

views

669 Views

Comments

arrow-up