11දා රට ඇරියත් අවධානය අත්‍යවශ්‍යයි - GMAO
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

11දා රට ඇරියත් අවධානය අත්‍යවශ්‍යයි - GMAO

11දා රට ඇරියත් අවධානය අත්‍යවශ්‍යයි  -  GMAO

ලබන 11 වැනිදා සිට රට විවෘත කරනු ලැබුවත් යම් ප‍්‍රදේශයකින් කොරෝනා වසංගත තත්වය නැවත වර්ධනය වීමක් සිදු වුවහොත් එම ප‍්‍රදේශ නැවත වසා දැමීමට රජය කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

 

රජය විසින් රට විවෘත කරනු ලබන්නේ කොරෝනා අවදානම රටෙන් ගිලිහී නොමැති අවස්ථාවක බවත් එම නිසා රජය දැඩි අවධානයෙන් සිට රට විවෘත කිරීම යම්කිසි ක‍්‍රමවේදයකට සිදු කිරීම අවශ්‍ය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.

 

මේ වන විට දිනකට පීසීආර් පරීක්ෂණ 1600කට ආසන්න ප‍්‍රමාණයක් සිදු කරන බවත් තම සංගමයේ මතය දිනකට එවැනි පරීක්ෂණ 2500ක්වත් සිදු කළ යුතු යැයිද ඒ මහතා කීය. රටේ පවතින තත්වය ගෙන බැලීමේ දී යම් සුබදායී තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබුවත් රට විවෘත කිරීමෙන් පසු ඇතිවිය හැකි අවදානම ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් කී ඒ මහතා මෙම රෝගය තවත් වසරක්වත් යනතෙක් වාර්තා විය හැකි යැයි ද කීය.

views

878 Views

Comments

arrow-up