රැ 12ට ඇහැරවගෙන ගිහින් පාන්දර 3ට විවාහ කරලා - කලකිරුණු තරුණයා දිවි නසාගෙන

තම නිවසේ නිදාගෙන සිටි 19 හැවිරිදි තරුණයකු රාත‍්‍රි 12.00 ට පමණ ඇහැරවාගෙන ගොස් අලූයම 3.00 ට පමණ පල්ලියේදී විවාහ කරදීමේ සිද්ධියකින් පසු එම තරුණයා පසුදා පෙරවරුවේ ගෙල වැලලාගෙන මියයෑමක් මුල්කරගෙන ගම්පොල උලපනේ ප‍්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ගම්පොල පොලිසිය ඒ පිළිබඳව පරීක්‍ෂණයක් අරඹා තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අමාල්ඞීන් මොහොමඞ් අස්කර් නමැති ගම්පොල උලපනේ නාවලපිටිය මාර්ගයේ පදිංචි තරුණයෙකි.
මොහු උලපනේ බෝගොල්ල ප‍්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්වූ බවත් එයින් එම තරුණියගැබිනියක වී ඇති බවත් චෝදනා කරමින් රාත‍්‍රි කාලයේදී නිවසට පැමිණ ඇති උලපනේ පල්ලියක පිරිසක් මෙම තරුණයා පල්ලියට කැඳවාගෙන ගොස් විභාගයක් නොපවත්වාම මෙම තරුණියට විවාහ කරදුන් බව මියගිය තරුණයාගේ පියා වන එම්. එස්. එම්. අෆාල්ඞීන් නමැති අය කියා සිටියි. ඉන්පසු මෙම තරුණයා එදිනම උදේ 9.00 ට පමණ ඔහුගේ ආච්චිගේ නිවසට ගොස් එහිදී ගෙල වැලලාගෙන ඇති අතර ඥාතීන් විසින් ඔහු නාවලපිටිය රෝහලට රැුගෙන ගියද මියගොස් සිටි බව පැවැසිණි.
මේ පිළිබඳව අදහස් දැක්වූ මියගිය තරුණයාගේ පියා සඳහන් කළේ පල්ලියේ සභාපති ඇතුළු කාරක සභාවේ 10 දෙනකු සම්පූර්ණ වැරදි වැඩක් කර ඇති බවයි. මුස්ලිම් විවාහ නීතිය යටතේ දෙපාර්ශ්වය සමඟ සාකච්ඡුා කොට එය සිදුකළ යුතු බවද සඳහන් කළ මොහු පරිපාලන සභාව මගින් තනි තීන්දු නොගෙන ආගමානුකූලව මවුලවි කෙනෙක් එය අසා කටයුතු කළ යුතු බවද ප‍්‍රකාශ කරමින් පරිපාලන සභාවේ සියලූ දෙනා පුතාගේ මරණයට වගකිව යුතු බවද කියා සිටියේය.
මේ අතර මෙම කාරණය මුල්කර ගනිමින් පල්ලිය තුළදී වූ සිදුවීමකින් පසු එක් අයකු රෝහල්ගතව ඇත්තේ මියගිය තරුණයාගේ ඥාතීන් පහර දුන් බව ප‍්‍රකාශ කරමින්ය.
ඒ අනුව සිද්ධියට චෝදනා ලැබූ පස් දෙනකු ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගම්පොල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා විසින් එක අයකුට රුපියල් දස දහස බැගින් මුදල් ඇපද එක් අයකුට රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇපද නියම කරනු ලැබීය.මෙම සිද්ධිය සමඟ ප‍්‍රදේශයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සමඟ ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සම්පත් වික‍්‍රමරත්න මහතා එම පිරිස් හට කරුණු පහදාදී දැඩි අවවාද ලබාදුන්නේය.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. බී. එම්. ෆයිසාල් මහතා විසින් පවත්වා මෙය කනස්සල්ලට පත්වී ගෙල වැලලාගෙන සිදුකරගත් මරණයක් බව සඳහන් කර ඇත.
මෙහි මරණ පරීක්‍ෂණය පස්බාගේ කෝරලේ හදිසි මරණ පරීක්‍ෂක මල්ලිකා හේවාරත්න මහත්මිය විසින් පවත්වන ලදී.
Divaina
1199 Views
Comments