කොටියෙකුගේ පාද දෙකක් කපා නිය පොතුත් ගලවලා !

වැඩුණු කොටියකුගේ පාද දෙකක් කපා එම සත්ත්වයා උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ ඇළ මාර්ගයකට දමා තිබියදී වනජීවී නිලධාරීන් පෙරේදා (31 වැනිදා)සවස සොයාගෙන තිබෙනවා.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටි මෙම කොටියා මීට දින තුනකට පමණ ඉහතදී උද්‍යානය තුළදී හෝ ඉන් පිටතදී ඝාතනය කරන්නට ඇතැයි සැකකරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු සැක පළ කරති. උඩවලව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ, මව් ආර දාහතර හමාර ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී කොටියාගේ සිරුර සොයාගෙන ඇත.
හොඳින් වැඩුණු පිරිමි සතකු වන මෙම කොටියාගේ නියපොතු ගැනීම සඳහා ඉදිරි පාද දෙක කපා දමන්නට ඇති බවට විශ්වාසය කෙරේ. කොටියාගේ මුඛයේ පිහිටි විශාල දත් කියතක් වැනි උපකරණයකින් කපා දමා ඇති බවත් අනාවරණය වී ඇත.
මෙම කොටියාට වෙඩි තබා ඇති බවට සැකකරන සලකුණු කීපයක් ගෙලෙහි වන බව පශු වෛද්‍යවරු නිරීක්ෂණය කර ඇත. ඝාතනය කරන ලද කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (1 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණි. කොටියාගේ ඝාතනය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (1 වැනිදා) කරුණු ඉදිරිපත් කළා.
ලංකාවේ කොටි දහසක් පමණ ජීවත් වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මව්බිම පුවත්පතින්
655 Views
Comments