මගේ ඡන්ද කාර්යාලයේ මැතිවරණ කොමසාරිස්ගේ පිංතූරය ගහලා මගේ අංකය යටින් දානවා - පී. හැරිසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

මගේ ඡන්ද කාර්යාලයේ මැතිවරණ කොමසාරිස්ගේ පිංතූරය ගහලා මගේ අංකය යටින් දානවා - පී. හැරිසන්

මගේ ඡන්ද කාර්යාලයේ මැතිවරණ කොමසාරිස්ගේ පිංතූරය ගහලා මගේ අංකය යටින් දානවා - පී. හැරිසන්

”මගේ මැතිවරණ ප‍්‍රචාරක කාර්යාලයට මම මැතිවරණ කොමසාරිස්ගෙ පිංතූරේ දාල මගේ අංකය යටින් ගහනවා. එතකොට පොලිසියට ඒක ගලවන්න බැහැ. මොකද පොලිසිය දන්නවා මේ ඉන්නෙ මැතිවරණ කොමසාරිස්වරයා කියල. අපිට වෙන කරන්න දෙයක් නැහැ. පක්ෂ නායකයන් එකතු වෙලා ගත්ත තීරණ මෙහෙම වෙනස් කළාම අපේක්ෂකයන්ගෙ සල්ලි කොච්චර නම් විනාශ වෙනවද? මැතිවරණ කොමසාරිස් පුරුදු වෙන්න මැතිවරණ කරනව නෙමේනේ? එහෙම නම් කොමසාරිස් කරන්න ඕන මුද්‍රණ ආයතනවලට මේ මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් හා කටවුට් මුද්‍රණය තහනම් කරන එකයි. එහෙම කළා නම් අපිට අපේ මුදල් නාස්ති වෙන්නෙ නැහැ’’ යැයි හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.



අනුරාධපුර පැවති මාධ්‍ය හමුවකදී ඉකුත් 23දා එසේ පැවසූ පී. හැරිසන් මහතා එහිදී තවදුරටත් මෙසේද කීය.



‘‘ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න ඕන කෙනෙක් තමා කරුණා අම්මාන් සහ පිල්ලෙයාන්. හැබැයි ඒ අයත් එක්ක දෙශපාලනය කරන්න තරම් පහත් තත්ත්වයට අද රජය ඇද වැටිලා. ප‍්‍රසිද්ධියේ මිනිස් ඝාතන කළා. තමන් රණවිරුවන් ඝාතනය කළා කියන කරුණා සී.අයි.ඞී.යට ගෙනල්ලා ප‍්‍රකාශ සටහන් කරල හරියන්නෙ නැහැ. මේ අය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට වෙඩි තියල මිනිසුන් මැරුව. දළදා වහන්සේට බෝම්බ ගැහැව්වා. අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කළා. සිංහල ද්‍රවිඩ මිනිසුන් පැහැරගෙන ගිහිල්ලා මැරුවා.
 


අද ඒ කරපුව එයා ප‍්‍රසිද්ධියේ කියනවා. මේක බරපතළ තත්ත්වයක්. ඒ අය ළ`ග තාමත් ආයුධ ගබඩා තියෙනවා. සුවිසයිඞ් බෝම්බකරුවෝ ඉන්නව. කොටි සන්නද්ධ බළකායේ සාමාජිකයන් ඉන්නව. ඒ නිසා වහාම කරුණා අත්අඩංගුවට ගෙන මේ දේවල් අනාවරණය කරගත යුතුයි. නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතුයි. අතිඋතුම් කාදිනල්තුමා පාස්කු ප‍්‍රහාරය වෙලාවේ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. එතුමා ගැන හරින් මහතා කළ ප‍්‍රකාශය වැරදියි. අපි ඒ ප‍්‍රකාශය තරයේ හෙළා දකිනවා.



මේ වන විට ජනතාව සජිත්ගේ නායකත්වයෙන් රට පුරා විශාල ජනබලයක් ගොඩ නගාගෙන තියෙනවා. එතුමා කියන කතාවක පොඩි කෑල්ලක් අල්ලා ගෙන තුංමුල්ලේ විමල් කෑගහනව, සජිත් විහිළු කතා කියනව කියල. හැබැයි එතුමාගේ සම්පූර්ණ කතාව ගැන කියන්නේ නැහැ. විමල්ට වඩා උගත් කෙනෙක් තමා සජිත්. කොහොම වුණත් ඡුන්දෙන් පස්සෙ මේ රටේ අගමැති බවට සජිත් පේ‍්‍රමදාස මහතා පත්කිරීමට ජනතාව පෙළ ගැසී සිටිනවා.’’

 

 

 

views

621 Views

Comments

arrow-up