පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම ඇරඹෙයි - ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම ඇරඹෙයි - ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘතයි

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම ඇරඹෙයි - ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘතයි

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබාගැනීම අද (31) ආරම්භ වනවා.

 

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටා ඇති එම කොමිෂන් සභා කාර්යාලයේදී පස්වරු 02.00 ට සාක්ෂි ලබාගැනීම ආරම්භ කිරීමට නියමිතයි.

 

එම අවස්ථාව සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදීන් සඳහා විවෘතව තබන බව කොමිෂන් සභාවේ ලේකම් එච්. එම්. බී. පී. හේරත්ගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක සඳහන්.

views

777 Views

Comments

arrow-up