කොරෝනා ආසාදිතව මියගිය කත මාසයක් රෝගය සඟවා ගෙන - ස්වාමියා චූන්පාන් වෙළෙන්දෙක්!
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

කොරෝනා ආසාදිතව මියගිය කත මාසයක් රෝගය සඟවා ගෙන - ස්වාමියා චූන්පාන් වෙළෙන්දෙක්!

කොරෝනා ආසාදිතව මියගිය කත මාසයක් රෝගය සඟවා ගෙන - ස්වාමියා චූන්පාන් වෙළෙන්දෙක්!

කොරෝනා වෛරසය ආසාධනය වී ඊයේ (05) දින ජිවිතක්ෂයට පත්වූ මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාව මාසයකට ආසන්න කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබියදීත් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු නොකර ඇති බව වාර්තා වනවා.

 

එම කාන්තාව ඉකුත් අප්‍රේල් මස 26 වෙනිදා ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවෙන් එලිහවුස් ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

 

එලෙස ප්‍රතිකාර ලබා ගනු ලැබුවත් රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව මැයි මස 02 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබෙනවා. එහිදී ඇයගේ රෝග ලක්ෂණ කොරෝනා වෛරසයට සමාන වීම නිසා වෛද්‍යවරුන් සිදුකළ PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

 

මෙම කාන්තාව මෝදර, මෙත්සඳ මහල් නිවාසයේ ජිවත්ව සිටි ඇති අතර ඇයට එම වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නොමැති බවයි එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී ෂෙහාන් අතුකෝරළ ප්‍රකාශ කර සිටියේ.

 

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා එම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ස්ථාන කිහිපයක ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවි කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

 

එමෙන්ම මේ වන විට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනෙක්ද එම කාන්තාව රෝහල් කරා රැගෙන ගිය අසල පිහිටි මහල් නිවසක පුද්ගලයෙක් ඇතුළු සාමාජිකයින් 09 දෙනෙක් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බවයි මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා ප්‍රකාශ කර සිටියා.

 

" මේ කාන්තාව ප්‍රතිකාර ගත් පුද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 11 දෙනා හඳුනා ගෙන තිබෙනවා. ඒ පිරිස ඇතුළුව අද (06) ඉදලා මෙම කාන්තාව ජිවත්වු මෙත්සඳ මහල් නිවාස ආශ්‍රිතව අහඹු ලෙස පුද්ගලයින් ගෙන් PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම සිදුකරනවා. ඊයේ සිදුකළ PCR පරීක්ෂණ 15 වාර්තාවන් ඊයේ රාත්‍රියේදී ලැබීමට නියමිතව තිබුණා. එම ප්‍රථිපල අනුව අපිට ඉදිරි වැඩකටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිවාස සංකීර්ණය ආශ්‍රිතව 5000 කට ආසන්න පිරිසක් ජිවත් වෙනවා. මේ වෙන විට එම ප්‍රදේශය හුදකෙලා ප්‍රදේශයක් බවට පත්කරලා තියෙන්නේ" මෝදර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියා.

 

-නෙත්

views

740 Views

Comments

arrow-up