රවීව සඟවාගෙන සිටින්නේ JVP එක
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
10

රවීව සඟවාගෙන සිටින්නේ JVP එක

රවීව සඟවාගෙන සිටින්නේ JVP එක

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ සමයේ විරුද්ධවාදීන් සිරගත කිරීමට සැලසුම් සකස් කළ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සඟවාගෙන ඇති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සැක පහළ කරයි.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වීම වැළැක්වීම පිණිස වත්මන් රජයේ ප්‍රබලයෙකුගේ ආරක්ෂාව යටතේ සැඟව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා  (08 වැනිදා) පැවසුවේය.

 

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (09 වැනිදා) පැවැසුවේ පසුගිය රජය සමයේ සිදුවූ වංචා දූෂණ හෙළිදරව් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රීවරයා සඟවාගෙන ඇති බවයි.

 

පසුගිය රජය සමයේ ජනතා විමුක්ති පෙරමුණද එහි ප්‍රබල භූමිකාවක් රඟපෑ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

views

830 Views

Comments

arrow-up