වෛද්‍යවරුන් 150ක් ස්වේච්ඡාවෙන්ම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරීයට

බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති ඌව පළාතේ එකම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරී සදහා එම රෝහලේ වෛද්‍යවරුන් 150 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බව බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
මෙම වෛද්‍යවරුන් 150 දෙනා විවිධ ඒකකවලට අනියුක්තව කටයුතු කරන වෛද්‍යවරුන් බවත් ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදී කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු කිරීමට කැමැත්ත පලකර තිබෙන බවත් කී වෛද්‍යවරයා එම වෛද්‍යවරුන් මධ්‍යස්ථානයේ රාජකාරි අවසන් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහාද යොමු වන බවද කියා සිටියේය.
කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපිත කර තිබෙන බදුල්ල පළාත් මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා දැඩි සත්කාර ඒකක සදහා අවශ්‍ය ඇදන් 38ක ප්‍රමාණයක් සහ දැඩි සත්කාරක ඇදන් 08ක පමණ ප්‍රමාණයක් පවතින බව කී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කොරෝනා මර්ධන ක්‍රියාදාමය වෙනුවෙන් බදුල්ල පළාත් මහ රෝහලේ වෛද්‍යවරුන් දක්වන දායකත්වය ප්‍රශංසනීය බවද කීය.
තවත් ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් ද මෙම පිළිවෙත අනුගමනය කරමින් සිටින බවත් සියළු රෝහල්වල වෛද්‍යවරුන් මෙය සාමූහික වගකීමක් සේ සලකමින් කටයුතු කරන්නේ කරන්නේ නම් ඉතා කෙටි කලකින් කොවිඩ් 19 වෛරසයෙන් සමාජය බේරා ගත හැකි යැයිද කීය.
එමෙන්ම බදුලු රෝහලේ වෛද්‍යවරුන් දක්වා ඇති ස්වේච්ඡා දායකත්වය නිසාවෙන් අනෙකුත් රෝගී සත්කාර කටයුතුවලට කිසිදු හානියක් හෝ බාධාවක් සිදුනොවන බවත් බෙදා වෙන්කර ගනිමින් සාමුහික ලෙස වැඩ කිරීම මෙහි අරමුණ බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කීය.
854 Views
Comments