අගෝස්තු 1 සිට විදෙස් සංචාරකයන්ට ගුවන්තොට විවෘත කිරීමට යෝජකා වෙයි

රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කර තිබෙනවා.
අප්‍රේල් මස 30 වැනිදා සිට අද (26) දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බවයි කමිටු සාමාජිකයෝ පෙන්වා දෙන්නේ.
බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් වුනා.
සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කල් ඇතිව සැලසුම් කිරීමෙන් සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතිනවා.
ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බව ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා.
පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරුණා.
එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහා ද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් ආපනශාලා විවෘත කිරීමට පියවර ගැනේ.
සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමටයි ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබූයේ.
“සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කරන්න. ඇතැමෙක් වෙරළබඩ විවේකයට කැමතියි. තවත් අය කැමති පුරාවස්තු හා වනජීවින් නරඹන්න. සමහරෙක් උනන්දු වන්නේ තේ වතු බලන්න. ඒ අනුවයි සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ” ජනාධිපතිවරයා කියා සිටියා .
643 Views
Comments