නව ආණ්ඩුවට මහ මැතිවරණයෙන් 2/3 බලයක් ලබා දිය යුතුයි - මෛත්‍රී

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැපවී කි‍්‍රයා කළයුතු බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්ගේ ප‍්‍රගති සමාලෝචන හමුවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවිය යුතු බවයි.
ඒ සදහා සිය පක්‍ෂය කැපවී කි‍්‍රයාකළ යුතු බවයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන් හමුවේ ප‍්‍රකාශ කළේ.
842 Views
Comments