කළුතර සජිත්ගේ ප්‍රබලයෙක් සජිත් හැර යයි – නිදහස් පක්ෂයේ දෙදෙනෙකු දිනවීම ගැනත් චෝදනා කරයි

සමගි ජනබලවේගයේ බුලත්සිංහල සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා එම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ,ඉදිරියට සියලු දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කළ බවත් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා,
තමා 2014 පළාත්සභා මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ පළවෙනියා ලෙස පත්වී බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ බවත් ,රනිල් වික්‍රමසිංහ මහතා තමාව එක්සත් ජාතික පක්ෂයේ මතුගම සංවිධායක ලෙස පත් කළ බවත් ,සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමට පෙර සිටම සජිත් ප්‍රේමදාස මහතාට හිතවත්ව කටයුතු කල බවත් සමගි ජනබලවේගය පිහිටුවීමෙන් පසුව බුලත්සිංහල සංවිධායක ලෙස තමා පත්කළ බවත් ඔහු පවසනවා.
මේ දක්වා සමගි ජනබල වේගය සහ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහනය කරවීමට කටයුතු කළ බවත් ,එහෙත් කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සංවිධාක වරුන් පුද්ගලික මනාපය වෙනුවෙන් පමණක් කටයුතු කළ බවත්, තමා සෑම විටම පක්‍ෂය දිනවීමට කටයුතු කළ බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් පසුව සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් වූ අතර ඒ බොහෝ දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පැමිණි දෙදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරගෙන ඇති බවත් ,කොතරම් අවංකව ජනතාවට සේවය කළත් පවුල් දේශපාලනයට ජනතාවගේ කැමැත්ත තිබෙන බවටත් ,නිදහස් අධ්‍යාපනය ගෙනා කන්නන්ගර ශ්‍රීමතාණන්ට ගොම ගැසීමට කටයුතු කර එතුමා පරාජයට පත් කළා නම් තමාට මෙසේ සැලකීම පුදුමයට කරුණක් නොවන බවද ඔහු පවසනවා.
ඉදිරියේදී තමාගේ පවුලේ කිසිවකු දේශපාලනය නොකරන බවත් ,එහෙත් තමා ආරම්භ කල ප්‍රජාසේවා පක්‍ෂ භේදයකින් තොරව ජනතාවට ලබාදෙන බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කරනවා.
943 Views
Comments