නව ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් පිහිටුවීමේ ගැසට් පත්‍ර නිකුත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

නව ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් පිහිටුවීමේ ගැසට් පත්‍ර නිකුත් වෙයි

නව ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් පිහිටුවීමේ ගැසට් පත්‍ර නිකුත් වෙයි

නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
ඒ, ජනාධිපතිතුමා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

 

පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, උතුර නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශ හිමි ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකු එම කාර්ය සාධක බලකායට අයත් වේ.

 

එම බලකායේ සභාපතිත්වය හොබවන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාය.

 

මීට අමතරව පුරා විද්‍යා අධ්‍යාක්ෂ ජනරාල්වරයා, මැනුම්පතිවරයා හා ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය ද කාර්ය සාධක බලකායට ඇතුළත් ය.

 

නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන හඳුනා ගැනීම හා ඒවා සංරක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම මෙම කාර්ය සාධක බලකායට පවරා තිබේ.

 

 

මීට අමතරව සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ජනාධිපතිතුමා විසින් ස්ථාපිත කරනු ලැබ තිබේ.

 

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පිහිට වූ මෙම කාර්ය සාධක බලකායට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් ය.

 

එහි සභාපතිවරයා ලෙස වන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතායි.

 

මීට අමතරව එම කාර්ය සාධක බලකායට ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානියා, රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයා ඇතුළු පිරිසක් ද එහි සාමාජිකයින් ලෙස නම් කර ඇත.

views

659 Views

Comments

arrow-up