රෝහිත රාජපක්‍ෂ මැතිවරණ වේදිකාාවේ..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වූ ජන හමුවකට ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ගොඩවිය.
කුරුණෑගල ප්‍රදේශයේ දී පැවති මෙම ජන හමුව ඇමතීමට රෝහිත රාජපක්ෂ මහතාට නිවේදකයා විසින් ආරාධනා කරක ලද්දේ ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමි කර දුන් ‘තාරකා පිළිබඳ විද්‍යාඥ රෝහිත රාජපක්ෂ’ ලෙසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කුරුණෑගල දී පැවති ජන හමුවකදී ඔහු මෙසේ පිළිගනු ලැබීය.
තම පියාගේ ඉල්ලීම පරිදි මේ වේදිකානට එක්වූ බව බව එම ජනහමුව අමතමින් රෝහිත රාජපක්ෂ මහතා කියා සිටියේය.
තම පියාට ඇවිදීමට අපහසු නිසා තමන් මෙහි පැමිණි බවත් ඉදිරියේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට පිහිටුවන බවත් ඔහු එහිදී පැවසීය.
771 Views
Comments