ඊයේ වාර්තාවූ රෝගීන් 40 දෙනාගේ තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

ඊයේ වාර්තාවූ රෝගීන් 40 දෙනාගේ තොරතුරු

ඊයේ වාර්තාවූ රෝගීන් 40 දෙනාගේ තොරතුරු

ඊයේ(02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වු අතර ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 

මේ අනුව, ඊයේ රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු අතර සමස්තය 1683 ක් දක්වා ඉහළ ගියේය.

 

ඊයේ දිනය වන විට පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

මේ අනුව පුද්ගලයින් 849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

 

මෙරට ‍කොරෝනා මරණ 11 ක් මේ වන විට සිදුව තිබේ.

 

views

679 Views

Comments

arrow-up