උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දිනය ගැන ඉඟියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දිනය ගැන ඉඟියක්

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දිනය ගැන ඉඟියක්


උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව යැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

 


විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ මහමැතිවරණය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත හෙයින් එම විභාග කල් දමන්නේ ද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

 


‘‘පවතින තත්ත්වය අපි බලා ඉන්නවා. මුලින්ම පාසල් ආරම්භ කළ යුතුයි. තවම පාසල් ආරම්භ කිරීමේ තීරණයක් නැහැ. විභාග සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනෙන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුවයි’’ යැයි ද හෙතෙම සඳහන් කළා.

 

 

views

1231 Views

Comments

arrow-up