ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
04

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවතට

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවතට


මැතිවරණ රාජකාරි සදහා තෝරාගෙන සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් දසදෙනෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලින් ඉවත් කර ඔවුන්ට එරෙහිව විමර්ෂණයක් සිදු කිරිමට කටයුතු කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

 


මාධ්‍යයට ඊයේ  (03) දින විශේෂ ප්‍රකාශයක් කරමින් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ ගුරුවරුන් පිරිසක් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වශයෙන් රාජකාරි කිරිම සදහා අයදුම් කර තිබු බවයි.

 


මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරිවරයා කියා සිටියේ,
ඔවුන් කිසියම් දේශාපලන පක්ෂයක රැස්විම් වලට සහභාගි වි ඇති බවට අපිට පැමිණිල්ලක් ලැබුණා.

 


ඒක තහවුරු කරන්න පුළුවන් සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා. ඡායාරුප පවා ලැබිලා තියෙනවා.

 


ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකරගෙන යනවා.
ඒ අය දේශපාලන අයිතිවාසිකම් භුක්තිය ලබන්න බැරි පිරිසක් විදිහට තමයි එ නිලධාරින් නම් කරලා තිබුණේ.

 


මේ නිලධාරින්ව ඉවත් කරාට අපිට ඕනි තරම් නිලධාරින් ඉන්නවා එ වෙනුවට වෙනත් නිලධාරින් පිරිසක් පත් කරලා තියෙනවා යනුවෙන් ප්‍රකාශ කළා .

 

views

712 Views

Comments

arrow-up