උපුල් තරංගව අද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

උපුල් තරංගව අද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවයි

උපුල් තරංගව අද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග අද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.


අද පෙරවරු 10ට ඔහු එම ඒකකය වෙත කැඳවා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.


ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ඊයේ කටයුතු කළා.


ඊයේ පස්වරු 2.00 ට පමණ විමර්ශන ඒකකය වෙත පැමිණි අරවින්දද සිල්වා මහතා රාත්‍රී 9 පමණ වනතෙක් සාක්ෂී ලබා දී තිබුණා.


2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය සඳහා නම් කළ සංචිතය අවසන් මොහොතේදී වෙනස් කර ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා පසුගිය දා ප්‍රකාශ කළා.


එවක ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය මගින් කැඳවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි.

 

views

664 Views

Comments

arrow-up