චාල්ස් ඇන්තනීගේ “කඳුළ” ප්‍රසංගයට ජනතා විරෝධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

චාල්ස් ඇන්තනීගේ “කඳුළ” ප්‍රසංගයට ජනතා විරෝධය

චාල්ස් ඇන්තනීගේ “කඳුළ” ප්‍රසංගයට ජනතා විරෝධය

චාල්ස් ඇන්තනී සහෝදරතුමන්ගේ කඳුළ ප්‍රාසාංගික වැඩසටහන පසුගිය 06 වැනිදා මතුගමදී පැවැති අවස්ථාවේදී මතුගම නගරයට එක්වූ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වූණා.

 

මීට මාස කිහිපයකට ඉහතදී මෙම වැඩසටහන මතුගමදී පැවැත්වීමට සංවිධාන කර තිබුණද ඊට භික්ෂුන් වහන්සේලා පිරිසකගේ විරෝධය එල්ලවීම නිසා එය කල්දමා තිබිණා. මෙය දෙසැම්බර් 06 වැනිදා මතුගම ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණද පසුව මතුගම බණ්ඩාරනායක ප්‍රදේශයේ පෞද්ගලික ශාලාවක පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

 

මතුගම වෙළෙඳ සංගමය මතුගම සිංහ සමාජය හා පළාත් සභා හිටපු මන්ත්‍රී ජගත් විතාන ඇතුළු පිරිසක් එක්ව මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණා. මතුගම ශ්‍රවණාගාරයේදී එය පැවැත්වීමට කටයුතු යොදා තිබුණද හදිසියේ එය වෙනස්වී ජගත් පින්නගොඩ විතානට අයත් රථවාහන අලුත්වැඩියා කරන ස්ථානයක විශාල ශාලාවක මෙය පවත්වා ඇත. භික්ෂුන් වහන්සේ කිහිපනමක් ඇතුළුව ඉතා විශාල ජනතාවක් මෙම ප්‍රසංගය නැරඹීමට සහභාගි වුණා.

 

චාල්ස් ඇන්තනී සහෝදරතුමා බෞද්ධයන් උපක්‍රමශීලීව අන්‍ය ආගමට හරවා ගන්නා බව ත්, සිංහල බෞද්ධ ජනතාවගෙන් මෙසේ උපයන මුදල් උතුරු ප්‍රදේශයේ අන්‍ය ආගමික ප්‍රවර්ධනය සඳහා යොදන බවටත් චෝදනා කරමින් මතුගම නගරයේදී විරෝධතාවයක් පැවැත්වුණා.

 

 ත්‍රෛයි නිකායික භික්ෂු එකමුතුවේ භික්ෂුන් වහන්සේලා කිහිපනමක් සමග එක්වූ පිරිස මතුගම ලංකා බැංකුව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශය කරමින්, සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

 

 

views

957 Views

Comments

arrow-up