කාලගුණ රතු නිවේදනය - ජනතාවට අවදානයෙන් සිටින්න දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

කාලගුණ රතු නිවේදනය - ජනතාවට අවදානයෙන් සිටින්න දැනුම් දීමක්

කාලගුණ රතු නිවේදනය - ජනතාවට අවදානයෙන් සිටින්න දැනුම් දීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ව නිවේදනය කරයි.

 

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

 

ඒ අනුව පැයට කිලෝ මීටර 40 -50 ත් අතර තරමක තද සුළං පවතින අතර, වැසි හෝ ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවල දී සුළඟේ වේගය පැයට කිලෝ මීටර  70 - 80 දක්වා ඉහළ යා හැකි බව ද පවසයි.  

 

අද (20) උදෑසන 8.30 සිට 11.30 දක්වා වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ ප්‍රදේශයට මි.මී 109ක් ලෙස වාර්තා වේ.

 

දිවයිනේ මාර්ග රැසක් අද පෙරවරුවේ ජලයෙන් යට ව තිබුණි.

 

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, හයිලෙවල් මාර්ගයේ, කිරුළපන ප්‍රදේශය අද උදෑසන ජලයෙන් යට වී ගියේය.

 

මේ අතර පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව ප්‍රදේශ අතර මාර්ගයේ කොටසක් තාවකාලික ව වසා දැමීමට පියවර ගෙන තිබේ.

 

පවතින වැසි සහිත කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

 

ඒ අනුව කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා හෙට (21) උදෑසන 9 දක්වා අවදානම් නිවේදන ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

 

views

776 Views

Comments

arrow-up