සතකු කෑ අඹ ගෙඩියේ ඉතිරි කොටස කාපු දෙදරු මව ජලභීතිකාවෙන් මියයයි

දින දහයකට පමණ පෙර සතුන් විසින් කා දමන ලද ඉදුණු අඹ ගෙඩියක ඉතිරි කොටස අනුභව කළ දෙදරු මවක් 17 වැනිදා දඹුල්ල මූලික රෝහලේදී ජලභීතිකාව බවට සැකකෙරෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ බුලනගම පලූගස්වැව හබරණ යන ලිපිනයේ පදිංචි ඩිංගිරිබණ්ඩාගේ ප‍්‍රසන්න පද්මලතා රත්නායක නමැත්තියකි. ඉන් පෙර දින හදිසියේ අසාධ්‍ය වී තිබූ ඇය හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජලභීතිකා රෝගී ලක්‍ෂණ පෙන්නුම් කිරීම නිසා එදින සවස දඹුල්ල මූලික රෝහලට මාරු කර එවීමෙන් පසු මෙසේ මියගොස් ඇත.
මෙම මරණය පිළිබඳව දඹුල්ල මූලික රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යූ. කේ. ආර්. බී. රණතුංග මහතා විසින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දීමට ද පියවර ගෙන තිබේ.
මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණයද 17 වැනිදා දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක ඞී. ඩබ්ලිව්. ජේ. බණ්ඩාර මහතා ඉදිරියේ දඹුල්ල මූලික රෝහලේ පැවැති අතර මෙම මළ සිරුරේ කොටස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ.
මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබාදුන් මියගිය තැනැත්තියගේ සහෝදරියක වන ඩිංගිරිබණ්ඩාගේ නිල්මිණි චන්ද්‍රිකා 36* නමැත්තිය මෙසේ පැවසුවාය.
මේ මියගියේ මගේ තුන්වැනි අක්කායි. එයාට කලින් අසනීප තිබුණේ නැහැ. දැන් ළගදී ඉඳන් කොලොස්ටරෝල් කියා බෙහෙත් ගත්තා විතරයි.
දැන් සතියකට විතර උඩදී මේ මියගිය අක්කා සත්තු කාපු අඹ ගෙඩියක ඉතිරි කොටස කෑ බව ලොකු අක්කා මට කිව්වා. ඒ හැර ජලභීතිකාව හැදෙන්න හේතුවක් මට හිතාගන්න බැහැ.
මියගිය තැනැත්තියගේ සැමියා වන පහල ගෙදර දිසානායක නමැති අය මෙසේ පැවසුවේය.
හබරණ පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
778 Views
Comments