ලංකා ලුණු සමාගමේ සමා කාලය වසරයි - ලාභ පෙන්වන්නැයි ජනපති කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

ලංකා ලුණු සමාගමේ සමා කාලය වසරයි - ලාභ පෙන්වන්නැයි ජනපති කියයි

ලංකා ලුණු සමාගමේ සමා කාලය වසරයි - ලාභ පෙන්වන්නැයි ජනපති කියයි

2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක කාලයක් ලබා දී තිබේ. 

 

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70ක් වන අතර 2017 වසර වන විට  ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු වී තිබේ.  2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස ආයතනය පාඩු ලබා ඇත. 

 

මේ කරුණු පිළිබඳ සාකච්ජා වූයේ ඊයේ (24) ජනාධිපතිවරයා විසින් ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්ත්වය විමසුමට එහි නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබූ අවස්ථාවේදීය. 

 

පසුගිය වසර තුනක කාලය තුළ වූ  පාඩුවට හේතු සොයා ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බවයි  ජනධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. 


 
එමෙන්ම ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළයුතු වන බවත් 2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත්කළ යුතු බව හෙතෙම අවධාරණය කරන ලදී. 

 

ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර, සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ලංකා ලුණු පෞද්ගලික සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

views

611 Views

Comments

arrow-up